Tuesday, August 30, 2011

දියඇලි

සානුවක ‍හෝ උස්බිමක නෙත්තියෙන් පහළට ඇදහැළෙන ජල ධාරාවක් දිය ඇල්ල යනුවෙන් හැඳින්වේ. ලොකු උසක සිට පතිතවන විට ප්‍රමාණයෙන් විශාල එකක් නම් එය දහර ඇල්ලකි.ඇල්ලක් නිර්මාණය වීමට නම් ගල් සහිත උස් භූමියක් ඔස්සේ ලොකු ජලකඳක් පහලට ගලා යායුතුය. එම ගලන මග වඩා බෑවුම් සහිත වෙත්ම එහි වේගය ද වැඩිවේ.භූමි නිර්මාණය අනුව පොළොවේ යම් යම් ස්ථාන ගල් සහිත උස් බිම් සහ සානු සේ නැගී සිටී.එවන් භුමි ඔස්සේ ගැලූ දිය දහර උස් බිමේ හෝ සානුවේ ගැටියට පැමිණි විට එක්වරම පහල භූමිය වෙත කඩා හැලේ. මෙම ජලධාරාවේ ඉස්මත්තට තද වැහි ලැබෙන විට ඇල්ල ජලයෙන් පිරීයයි.ඉස්මත්ත හරස් කොට බැම්මක් බැඳි විට හෝ එම පෙදෙසට වැස්ස අඩු වු විට ඇල්ල සිහින් වෙයි.කාලයාගේ ඇවෑමෙන් භූමියේ සිදුවන විපර්යාස නිසා ඇල්ල පිහිටි ස්ථානය වෙනස් වී යාහැකිය.ගඟ හෝ ඔයවෙනත් දිශාවකට යොමු වී ගැලීම හෝ එයට ජලය ලැබීම නතර වුවහොත් ඇල්ල වියලී යයි.

Bambarakanda Waterfalls.jpg
මෙය ශ්‍රි ලංකාවේ පිහිටි උසින් වැඩිම දි‍යඇල්ලයි.උස මී‍ටර් 265කි.නුවරඑළිය දිස්ත්‍රික්කයේ පිහිටා ඇත.කොළඹ - බණ්ඩාරවෙළ පා‍රේ සිට සැතපුම් 4 පමණ ඇතුළට වන ලෙස වනාන්තරය තුළ පිහිටා ඇත

දියළුම ඇල්ල
Diyaluma waterfall.jpg
ලංකාවේ ඇති උසින් දෙවන තැන ගන්නා දිය ඇල්ලවේ. උස මීටර් 220කි.බදුල්ල දිස්ත්‍රික්කයේ පිහිටා ඇත.මෙම ඇල්ල හා සබැඳි ජනප්‍රවාද කිහිපයකි.ඉතා ඈත කාලයේ කුලවත් තරුණයෙක් හා කුල හීන තරුණියක් පිළිබඳව ශෝකාන්තමය පෙම් පුවත ඉන් ප්‍රධාන වේ.

ලක්ෂපාන ඇල්ල
Lakshapanafall.jpg
නුවරඑළිය දිස්ත්‍රික්කයේ පිහි‍ටා ඇත.උස මීටර් 125කි.සමනළ කන්දෙන් ඇරඹී ‍කැළණි ගඟට වැටෙන මස්කෙළිය ඔය මෙම ඇල්ල නිර්මාණය කරයි.ලක්ෂපාන ජල විදුලි බලාගාරය ක්‍රියාත්මක වන්නේ මෙම ඇල්ලේ ආධාරයෙනි.දඩයමේ ගිය වැදි නායකයෙකු විසින් මේ ඇල්ල සොයාගන්නා ලදැයි ජනප්‍රවාදයේ ඇත.එහෙයින් එය වැද්දාගේ ඇල්ල නමින් ද හැඳින්වේ
.
ඇබර්ඩින් ඇල්ල
Aberdine.jpeg
නුවරඑළිය දිස්ත්‍රික්කයේ පිහිටා ඇත.උස මීටර් 100 පමණ වේ.කැලණි ගඟේ අතු ගංගාවක් වන කෙහෙල්ගමු ඔය මේ ඇල්ල නිර්මාණය කරයි.මෙම ඇල්ලට ඇබර්ඩීන් නම ලැබී ඇත්තේ ස්කොට්ලන්තයේ ඇබර්ඩීන්හි සිට පැමිණි සුදු ජාතිකයෙකු ඇබර්ඩීන් යනුවෙන් නම තැබු ඔහුගේ තේ වත්ත ඒ අසල තිබූ නිසා යැයි කියයි.

ඩෙවෝන් ඇල්ල
Devon Waterfalls, Sri Lanka.jpg
නුවරඑළිය දිස්ත්‍රික්කයේ පිහිටා ඇත.උස මීටර් 97 පමණ වේ. මෙම ඇල්ල නර්මාණය කරන්නේ කොත්මලේ ඔය විසිණි.එඩ්වඩ්බාන්ස් නම් ඉංග්‍රිසි ආණ්ඩුකාරවරයා 1823 දී ගන්නොරුව ප්‍රදේශයෙන් මෙරට කෝපි වගාව ආරම්භකළ සමයේ එංගලන්තයේ ඩෙවෝන්ෂයර් හි සිට ලංකාවට පැමිණි ඔහුගේ හිතවතකු වැවු ඩෙවෝන් නම් කෝපි වතු යාය අසල මෙම ඇල්ල පිහිටා ඇත.මෙනිසා මෙම නම ලැබුණි.

ශාන්ත ක්ලෙයාර් ඇල්ල
St. Clair Waterfall, Ellla, Sri Lanka.jpg
නුවරඑළිය දිස්ත්‍රික්කයේ පිහිටා ඇත.උස මීටර් 80 පමණ වේ.කොත්මලේ ඔයෙන් නිර්මාණය වේ.මෙම ප්‍රදේශයේ විසු ඉංග්‍රිසි කෝපිවතු හිමියෙකු එංගලන්තයේ විසු ‍ජෙනි‍ෆර් ක්ලෙයා නම් පෙම්වතිය සිහිවීම පිණිස නම තබා ඇත.

බෝපත් ඇල්ල
Bopath alla.jpg
රත්නපුර දිස්ත්‍රික්කයේ පිහිටා ඇත.උස මීටර් 30 පමණ වේ.දුර සිට බැලු විට බෝකොළයක දළ හැඩයෙන් පෙනෙන නිසා මෙයට මෙම නම ලැබී ඇත.කුරු ගඟ මෙම ඇල්ල නිර්මාණය කර‍යි.

මානාවෙල ඇල්ල
නුවරඑළිය දිස්ත්‍රික්කයේ පිහිටා ඇත.උස මීටර් 23කි.මානාවෙල ඔය හා බුවැලිපොළ ඔය යන නම්වලින් හැඳින්වෙන ඔයවල්වලින් මේ ඇල්ල නිර්මාණය වේ.


ඉතිහාසය

ප්‍රාග් ඓතිහාසික යුගය

ලංකාවේ ප්‍රාග් ඓතිහාසික යුගය අධ්‍යයනය කිරීමේ පහසු ව සඳහා පහත පරිදි යුග වලට බෙදා අධ්‍යයනය කරනු ලැබේ. පුරාශිලා යුගය මධ්‍යශිලා යුගය නවශිලා යුගය(?)
සිදුකර ඇති පුරාවිද්‍යා පර්යේෂණ අනුව ලංකාවේ මානව යටගියාව පිළිබඳ සාධක අදිව් වසර 125,000 දක්වා ඈතට දිවයයි. ලංකා‍වේ වයඹදිග හා දිණිකොණදිග ප්‍රදේශයන්ගේ වෙරළාශ්‍රීත ප%දේශවල ව්‍යාප්තව ඇති ඉරණමඩු පාංශු සංකීර්ණයට අයත් බූන්දල වැල්ලෙගංගොඩ හා පතිරාජවෙල යන ස්ථානයන්ගේ සිදුකරන ලද පුරාවිද්‍යා පර්යේෂණ අනුව මෙම කරුණු තහවුරු වී ඇත.

ඓතිහාසික යුගය

ප්‍රථම නවීන අගනනුවර ලෙස අනුරාධපුරය සැලෙකන අතර, රාජ්‍ය පරපුරේ අවසානය සෙංකඩගල නගරය විය.

යටත් විජිත යුගය

වර්ෂ 1505 දී පරංගි (Portuguese) ලංකාව ආක්‍රමණය කරන ලදී‍‍. පරංගින්ගේ මුලික අවශ්‍යතාව වූයේ ඔවූන්ගේ ආගම හා වෙළඳාම පැතිරවීමයි. පසුව ඕලන්ද (Dutch) හා ඉංග්‍රීසි (British) අධිරාජ්‍යවාදීන්ගේ ද තාඩන පීඩනවලට ලක්විය. මෙම ආකාරයෙන් වූ තාඩන පීඩනයන්ගෙන් මීදීම සදහා උඩරට ගිවිසුම නමින් 1815 දී ඉංග්‍රිසීන් සමඟ අත්සන් කරන ලද ගිවිසුම ඔවුන් විසින් ම උල්ලංඝනය කරමින් එහි ජනතාව පිට යටත් විජිත මානසිකත්වයක් මවමින් 1948 දක්වා දරුණු පාලනයක් ගෙන ගියහ.


 

ශ්‍රී ලංකාවේ ක්‍රීඩා

නිල වශයෙන් ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාව වොලිබෝල් වුවද, ජනප්‍රියතම ක්‍රීඩාව ක්‍රිකට්ය. ජල ක්‍රීඩා, පාපන්දු සහ ටෙනිස් මෙන්ම රග්බි ද බොහෝ ජනප්‍රිය ක්‍රීඩාවන් වෙයි. ශ්‍රී ලංකාවේ පාසැල්, උසස් අධ්‍යාපන ආයතන, යනාදිය ක්‍රීඩා සහ මලල ක්‍රීඩා කණ්ඩායම් සංවිධානය කරමින්, පළාත් හා ජාතික මට්ටමින් ක්‍රීඩා තරඟ වලට සහභාගී වෙති. ඉතාම දුර්වල තත්වයක සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 1990 ගණන් වල සිට සැළකිය යුතු ජයග්‍රහණ අත්පත් කරගනිමින් ඉදිරියට පැමිණ 1996 ලෝක කුසලානයද 1996 සහ 2004 වර්ෂ වල ආසීයානු කුසලානයද දිනා ගත්තේය. ලෝකයේ ක්‍රිකට් ක්‍රීඩා කරන ප්‍රධාන රටවල් වලින් එකක් ලෙස ඉදිරියට පැමිණි ශ්‍රී ලංකාව, 2007 ලෝක කුසලාන තරඟා වලියේ අවසාන මහා තරඟය දක්වා පැමිණියේය. එහිදි ඔව්හු ඕස්ට්‍රේලීයාවට පරාද වූහ.
සිංහල ස්පෝට්ස් ක්ලබ්, ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනය සහ රන්ගිරි දඹුලු ක්‍රීඩාංගනය මෙන්ම ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනය වැනි ක්‍රීඩාංගන රාශියක් ශ්‍රී ලංකාවේ තිබේ. 1996 ලෝක කුසලාන තරඟාවලියේදී ශ්‍රි ලංකාව ඉන්දියාව සහ පාකිස්ථානය සමග තරඟ වැදුනු අතර ආසීයානු කුසලාන තරඟාවලී කීපයකටද සහභාගී වූහ. එමෙන්ම එය 2011 දී පැවැත්වෙන ලෝක කුසලාන තරඟාවලියටද සහභාගී වෙයි. වෙරල අසබඩ ද, නිසල ජල තටාක වලද පැවැත්වෙන බෝට්ටු තරඟ, දිය මත ලිස්සා යාම, පිහිනීම, දියට පැනීමේ සහ කිමිදීමේ (Scuba diving) ක්‍රීඩා ආදී ජල ක්‍රීඩා ශ්‍රී ලාංකිකයන්ගේ මෙන්ම විදේශ සංචාරකයන්ගේද සිත් පැහැර ගනී.

ශ්‍රී ලංකවේ තේ

කැමෙලියා සිනෙන්සිස් (Camellia sinensis) යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වනූ ලබන 'තේ' පැළෑටිය ඉන්දියාවට ආවේණික පැළෑටියක් ලෙස සැළකේ. ඵය ඉන්දියාවේ හිමාල කඳු පාමුල ඇසෑම් පලාතේ වනාන්තරවල වැවී ඇත.
ලංකාවට මුල්ම තේ බීජ 1824 දී ගෙන එන ලදී. දෙවන වරට ලංකා‍වට තේ බීජ නැවත රැගෙන ආවේ 1839 දීය. මෙම අවස්ථා 2ම පර්යේෂන අරමුනු සදහා මිසක වගා කිරීම අරමුනු නොවින. මෙම තේ බීජ පේරාදෙනිය උද්භිද උද්‍යානයේ පැලකල අතර ඒවා නිදහසේ වර්ධනය විය (දලුනෙලීමකින් තොරව). 1860 දී ජේම්ස් ටේලර් මහතා විසින් මුල් වරට ලංකාවේ වානිජ තේ වගාවක් අරඔන ලදී. මෙසේ ලංකාවේ වාණිජ තේ වගාවේ පියා ඔහු ලෙස සැලකීම වරදක් නොවේ. ඔහු විසින් මුල්ම වරට ලංකාවේ මහනුවර පලාතේ හේවාහැට ලූල්කදුර වතුයායේ වාණිජ තේ වගාවක් ඇති කෙරිණ. එය අක්කර 100ක් පුරා විහිදුන බ‍ව කියවේ. (උපුටාගැනීම: 20th century tea research in Sri Lanka by the Tea Research Institute of Sri Lanka)

ලොව වැඩිම පිරිසකගේ ප්‍රියතම පානය බවට පත්ව ඇති 'තේ' මුලින්ම සොයාගෙන ඇත්තේ චීනය විසිනි.දහවෙනි සියවසේදී පමණ ජීවත් වු අධිරාජයෙකු වු හුයිසුන්(1100-1126) සැබෑම තේ රසවතෙක් සේ සැළකේ. 'තේ'යන්න සෑදී ඇත්තේ ෆියුජියානු වචනයක් වු 'ටේ'(Te)යන්නනෙනි.මහා පරිමාණයෙන් තේ අලෙවි කරනු ලැබු මුල්ම ජාතිය වන්නේ ලන්දේසින්ය. ඊට හේතුව වුයේ මුදල් ඉපැයීමේ මාර්ගයක් ලෙස තේ වගා කෙරුණු ෆිජි දුපත ලන්දේසින්ගේ යටත් විජිතයක් බවට පත්වීමයි. චීනයේ තේ හැඳින්වීම සඳහා 'චා'යන වචනය යොදා ගැනෙන අතර රුසියාවේදි 'චායි' යන්න යොදා ගැනේ. ශ්‍රී ලංකාවද තේ නිසා විශාල කීර්තියක් අත් කරගත් රටකි. ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වැවිලි අතුරින් මුල් ස්ථානය හිමි කරගන්නේ තේ වගාවයි. තේ වගාව ශ්‍රී ලංකාවේ විදේශ විනිමය උපයන එක් මාර්ගයක් වන අතර එම වගාව හා සම්බන්ධ රැකියාවල සේවකයින් දශ ලක්ෂයක් පමණ නිරතව සිටින හෙයින් තේ වගාව රටේ රැකි රක්ෂා සපයන ප්‍රධාන මාර්ගයක්ද වේ.

Monday, August 29, 2011

ශ්‍රී ලංකාවේ ආවේණික කුරුල්ලෝ

කිසි‍යම් ජීව විශේෂයක් යම් භූගෝලීය කලාපයකට ආවේනික හෙවත් ඒකදේශික වීම යනුවෙන් අදහස් කරන්නේ එම ජීව විශේෂය ස්භාවීකව හමුවන්නේ එම විශේෂිත භූගෝලීය කලාපය තුළ පමණක් බවයි. මේ අනුව ශ්‍රී ලංකාවට ආවේනික කුරුල්ලෝ ශ්‍රී ලංකාව හැර ලොව අන් කිසිදු ප්‍රදේශයක හමු නොවෙති. එම ඒකදේශික විශේෂ බිහි වන්නේ භූගෝලීය විසංගමනය යන පරිණාමික සංසිද්ධිය හේතුවෙනි. භූගෝලීය විසංගමනය යනු කිසියම් සත්ව කාණ්ඩයක් යම් භූගෝලීය බාධකයක් (උස් කඳූ වැටියක්,විශාල ජල තලයක්) හේතුකොට ගෙන තම විශේෂයේ සෙසු සාමාජිකයන්ගෙන් ප්‍රජනක වශයෙන් හුදෙකලා වීමයි. වර්තමාන වාර්තාවන්ට අනුව ශ්‍රී ලංකාවට ආවේනික කුරුලූ වගර්‍ සංඛ්‍යාව 23ක් නැතහොත් 26කි.මෙම විචල්‍යතාවයට හේතුව ඇතැම් විද්වතුන් හිස කළු කොණ්ඩයා කඳුකර වී කුරුල්ලා සහ හීන් කොට්ටෝරුවා යන කුරුල්ලන් තිදෙනා ආවේනික උප විශේෂ ලෙසත්,ඇතමුන් ආවේනික විශේෂ ලෙසත්, සැලකීමයි. මීට අමතරව ශ්‍රී ලංකාවට ආවේනික උප විශේෂ ගණනාවක් ඇත. මෙම කුරුල්ලන් ශ්‍රී ලංකාවට අමතරව ඉංදියාව සහ අග්නිදිග ආසියාව වැනි ප්‍රදේශ වල හමුවන මුත් අපගේ ප්‍රභේද අප රටට ආවේනිකය. එකම විශේෂයක් තුළ හමු වන මෙවන් ප්‍රභේද එකිනෙකින් වෙනස් වන්නේ පැහැය, දේහ ප්‍රමාණය සහ හඩ ආදී කරුණු වලිනි.

                මොණරා, වලිකුකුළා, හබන් කුකුළා, වටුවන් සහ උස්ස පැටවුන් හෙවත් වටු කුකුළන් ශ්‍රී ලංකාවේ වාසය කරන කුකුළු ගෝත්‍ර යට අයත් පක්ෂීහු වෙති. මොවුන් සියල්ල අයත් වන්නේ සැවුල් කුලයටය. මේ අතරින් වලි කුකුළා සහ හබන් කුකුළා ලංකාවට ඒකදේශිකය.ලංකාවේ ගිරා වර්ග 05කි. එයින් දෙකක් ඒකදේශිකය. එනම් අළු ගිරවා සහ ගිරා මලිත්තා හෙවත් පොල් ගිරවාය.ලංකාවේ කොවුල් වර්ග 17ක් ඇත. මෙයින් ඒකදේශික වන්නේ කොවුල් වර්ග 2කි.භූමිවාසී සහ රුක්වාසී දිවිපෙවෙතක් සහිත ලගින පක්‍ෂියෙක් වේ. වර්‍ග දෙකක් අපට ආවේනිකය.ලංකාවේ ඇති විශේෂ 8 අතුරින් 3ක් මෙරටට ඒකදේශිකය. ප්‍රමාණයෙන් පොල්කිච්චා තරම් වේ. දිවයින පුරාම වාගේ හමුවන සුලභ පක්‍ෂියෙකි. ලිංගික ද්විරූපතාවක් නැත.



ශ්‍රී ලංකාවේ ඇදුම් පැළදුම්

                    ශ්රී ලන්කාව ඇත අතීතෙය්  සිටම පාරමිපරික ඇදුමි වලට හිමිකමි කියන්නා වු රටකි.උඩරට සහ පහත රට ලෙස ඇදුමී විලාසිතාවන් ප්රදාන වශෙයන් කාණ්ඩ වලට එබෙද්.කාන්තාවන් සාරිය අදින අතර පිරිමින් සරම සහ කමිසය අදී.උඩරට කාන්තාවන් ඔසරිය අදින අතර පහතරට කාන්තාවන් පහතරට ආකාරයට සරිය අදිනු ලැබෙ.සි/න්හල ගැහැණු ළමුන් ළමා සාරිය අදිනු ලැබෙ.එය ර්ද්දකින් සහ හැටිටයකින් සමන්විත වන අතර හැටිටෑයෙ උරහිස වටා රීන්දයක් පවතී.
                දමිළ ගැහැණු ළමයින් "පාවඩි සත්තායි" යන ඇදුම භාවිතා කරනු ලැඑබ්.එය සායකින් සහ මාස්තර වලින් යුත් හැටිටයකින් සමන්විත එව්.දමිළ කාන්තාවන් සාරිය අදී.දමිළ පිරිමිනි "පටිට වටිටි"යන ඇදුම අදිනු ලනන අතර එය කමිසයකින් සහ ඉන වටා ඔතනු ලැබු දිග රද්දකින් සමන් විත එවෙ.
                       සාරිය ඉතාමත් අලන්කාර අදුමක් වන අතර කාන්තාවන් මෙය උත්සව අවස්ථා වලදිත් රාජකාරි කටයුතු වලදිත් බහුලව භාවිතා කරනු ලබයි.සාමානය අවස්ථා වලදි,ගදර කටයුතු වලදි ගවුමි ආදී පහසු ඇදුමි භාවිතා කරනු ලබයි.පිරිමින් වර්තමානයෙ රාජකාරි කටයුතු සදහා කලිසම සහ කමිසය අදිනු ලබයි.
                 වැඩි එද්නා සාප්පු සවාරීය් යැමිදි සරල පහසු අදුමි භාවිතා කරන අතර කාන්තාවන් සායවල්,කලිසමි පිරිමින් කලිසම සහ කෙට කමිස අදී.
                                   ශ්රී ලාන්කීය කාන්තාවන් සහ පිරිමින් විලාසිතාවන් කිරීම සදහා වැඩි කැමැත්තක් දක්වයි.එම නිසා විවිධ මාදිලීය් ඇදුමි විලාසිතාවනි ලන්කාව තුල දක්නට ලෙබ්.අතීතෑය් රද්ද සහ හැටිටයත්,පිරිමින් සරම භවිතෑය් සිට විවිධ ආකරෑය් ඇදුමි රටාවන් පැවතී තිබුනද, ලන්කාවෙ සන්ස්කාතියට බලපැමක් සිදුවි නැති අතර අද දක්වා පරමිපරික ඇදුමි භාවිතා කරනු ලබයි.

ආයුර්වේදය (ජීවත්වීමේ විදාව්)

                         ආයුර්වේදය යන වචනයෙහි අර්ථය වනුයේ ජීවත්වීමේ විදාව හෝ සෞඛ්ය සම්පන්නව ජීවත්වීමේ කලාව යන්නයි.අවුරුදු 2500 පුරා ශ්‍රී ලංකික වෙදුන් විසින් ඖෂධ පැළටි සහ ස්වභාවික සත්කාර උපයොගි කරගෙන ලෙඩුන් සුව කර ඇත.