ඉන්දියන් සාගරයේ මුතු ඇටයක හැඩයක් ඇති ශ්‍රී ලංකාව උතුරු අක්ෂාංශ 5"54' සහ 9"52' ත් නැගෙනහිර දේශාංශ 79"39' සහ 81"53' ත් අතර පිහිටයි.ශ්‍රී ලංකාව ඉන්දියාවෙන් වෙන් වන්නේ 35km පමණ පළල් ඇල මාර්ගයකිනි.මෙම දිවයිනෙ දිග උතුරේ සිට දකුණට 435km පමණද පළල බටහිර සිට නැගෙනහිරට 225km පමණද වේ.ශ්‍රී ලංකාවේ මුළු භුමි ප්‍රමණය 65,610 sq.km පමණ වේ.
ශ්‍රී ලංකාව දුපතක් බවට පත් වුවායැයි විශ්වාස කරනුයෙ මයොසීන යුගයේය.අතුරු ගංවතුර ගැලීම් සහ භුමියෙ උස් වීම මත ශ්‍රී ලංකවේ නිරිතදිග ප්‍රදේශය මුලින්ම ඉන්දියාවෙන් වෙන් වි ඇත.භුමියෙන් 2/3 පමණ පහත් බිම වන අතර ඉතිරියෙහි සමාන්ය උච්චත්වය l, 400-l,800m ද 10,400 sq.km රට මධයෙන් ආවරණය කරයි.
No comments:
Post a Comment