Tuesday, August 30, 2011

දියඇලි

සානුවක ‍හෝ උස්බිමක නෙත්තියෙන් පහළට ඇදහැළෙන ජල ධාරාවක් දිය ඇල්ල යනුවෙන් හැඳින්වේ. ලොකු උසක සිට පතිතවන විට ප්‍රමාණයෙන් විශාල එකක් නම් එය දහර ඇල්ලකි.ඇල්ලක් නිර්මාණය වීමට නම් ගල් සහිත උස් භූමියක් ඔස්සේ ලොකු ජලකඳක් පහලට ගලා යායුතුය. එම ගලන මග වඩා බෑවුම් සහිත වෙත්ම එහි වේගය ද වැඩිවේ.භූමි නිර්මාණය අනුව පොළොවේ යම් යම් ස්ථාන ගල් සහිත උස් බිම් සහ සානු සේ නැගී සිටී.එවන් භුමි ඔස්සේ ගැලූ දිය දහර උස් බිමේ හෝ සානුවේ ගැටියට පැමිණි විට එක්වරම පහල භූමිය වෙත කඩා හැලේ. මෙම ජලධාරාවේ ඉස්මත්තට තද වැහි ලැබෙන විට ඇල්ල ජලයෙන් පිරීයයි.ඉස්මත්ත හරස් කොට බැම්මක් බැඳි විට හෝ එම පෙදෙසට වැස්ස අඩු වු විට ඇල්ල සිහින් වෙයි.කාලයාගේ ඇවෑමෙන් භූමියේ සිදුවන විපර්යාස නිසා ඇල්ල පිහිටි ස්ථානය වෙනස් වී යාහැකිය.ගඟ හෝ ඔයවෙනත් දිශාවකට යොමු වී ගැලීම හෝ එයට ජලය ලැබීම නතර වුවහොත් ඇල්ල වියලී යයි.

Bambarakanda Waterfalls.jpg
මෙය ශ්‍රි ලංකාවේ පිහිටි උසින් වැඩිම දි‍යඇල්ලයි.උස මී‍ටර් 265කි.නුවරඑළිය දිස්ත්‍රික්කයේ පිහිටා ඇත.කොළඹ - බණ්ඩාරවෙළ පා‍රේ සිට සැතපුම් 4 පමණ ඇතුළට වන ලෙස වනාන්තරය තුළ පිහිටා ඇත

දියළුම ඇල්ල
Diyaluma waterfall.jpg
ලංකාවේ ඇති උසින් දෙවන තැන ගන්නා දිය ඇල්ලවේ. උස මීටර් 220කි.බදුල්ල දිස්ත්‍රික්කයේ පිහිටා ඇත.මෙම ඇල්ල හා සබැඳි ජනප්‍රවාද කිහිපයකි.ඉතා ඈත කාලයේ කුලවත් තරුණයෙක් හා කුල හීන තරුණියක් පිළිබඳව ශෝකාන්තමය පෙම් පුවත ඉන් ප්‍රධාන වේ.

ලක්ෂපාන ඇල්ල
Lakshapanafall.jpg
නුවරඑළිය දිස්ත්‍රික්කයේ පිහි‍ටා ඇත.උස මීටර් 125කි.සමනළ කන්දෙන් ඇරඹී ‍කැළණි ගඟට වැටෙන මස්කෙළිය ඔය මෙම ඇල්ල නිර්මාණය කරයි.ලක්ෂපාන ජල විදුලි බලාගාරය ක්‍රියාත්මක වන්නේ මෙම ඇල්ලේ ආධාරයෙනි.දඩයමේ ගිය වැදි නායකයෙකු විසින් මේ ඇල්ල සොයාගන්නා ලදැයි ජනප්‍රවාදයේ ඇත.එහෙයින් එය වැද්දාගේ ඇල්ල නමින් ද හැඳින්වේ
.
ඇබර්ඩින් ඇල්ල
Aberdine.jpeg
නුවරඑළිය දිස්ත්‍රික්කයේ පිහිටා ඇත.උස මීටර් 100 පමණ වේ.කැලණි ගඟේ අතු ගංගාවක් වන කෙහෙල්ගමු ඔය මේ ඇල්ල නිර්මාණය කරයි.මෙම ඇල්ලට ඇබර්ඩීන් නම ලැබී ඇත්තේ ස්කොට්ලන්තයේ ඇබර්ඩීන්හි සිට පැමිණි සුදු ජාතිකයෙකු ඇබර්ඩීන් යනුවෙන් නම තැබු ඔහුගේ තේ වත්ත ඒ අසල තිබූ නිසා යැයි කියයි.

ඩෙවෝන් ඇල්ල
Devon Waterfalls, Sri Lanka.jpg
නුවරඑළිය දිස්ත්‍රික්කයේ පිහිටා ඇත.උස මීටර් 97 පමණ වේ. මෙම ඇල්ල නර්මාණය කරන්නේ කොත්මලේ ඔය විසිණි.එඩ්වඩ්බාන්ස් නම් ඉංග්‍රිසි ආණ්ඩුකාරවරයා 1823 දී ගන්නොරුව ප්‍රදේශයෙන් මෙරට කෝපි වගාව ආරම්භකළ සමයේ එංගලන්තයේ ඩෙවෝන්ෂයර් හි සිට ලංකාවට පැමිණි ඔහුගේ හිතවතකු වැවු ඩෙවෝන් නම් කෝපි වතු යාය අසල මෙම ඇල්ල පිහිටා ඇත.මෙනිසා මෙම නම ලැබුණි.

ශාන්ත ක්ලෙයාර් ඇල්ල
St. Clair Waterfall, Ellla, Sri Lanka.jpg
නුවරඑළිය දිස්ත්‍රික්කයේ පිහිටා ඇත.උස මීටර් 80 පමණ වේ.කොත්මලේ ඔයෙන් නිර්මාණය වේ.මෙම ප්‍රදේශයේ විසු ඉංග්‍රිසි කෝපිවතු හිමියෙකු එංගලන්තයේ විසු ‍ජෙනි‍ෆර් ක්ලෙයා නම් පෙම්වතිය සිහිවීම පිණිස නම තබා ඇත.

බෝපත් ඇල්ල
Bopath alla.jpg
රත්නපුර දිස්ත්‍රික්කයේ පිහිටා ඇත.උස මීටර් 30 පමණ වේ.දුර සිට බැලු විට බෝකොළයක දළ හැඩයෙන් පෙනෙන නිසා මෙයට මෙම නම ලැබී ඇත.කුරු ගඟ මෙම ඇල්ල නිර්මාණය කර‍යි.

මානාවෙල ඇල්ල
නුවරඑළිය දිස්ත්‍රික්කයේ පිහිටා ඇත.උස මීටර් 23කි.මානාවෙල ඔය හා බුවැලිපොළ ඔය යන නම්වලින් හැඳින්වෙන ඔයවල්වලින් මේ ඇල්ල නිර්මාණය වේ.


ඉතිහාසය

ප්‍රාග් ඓතිහාසික යුගය

ලංකාවේ ප්‍රාග් ඓතිහාසික යුගය අධ්‍යයනය කිරීමේ පහසු ව සඳහා පහත පරිදි යුග වලට බෙදා අධ්‍යයනය කරනු ලැබේ. පුරාශිලා යුගය මධ්‍යශිලා යුගය නවශිලා යුගය(?)
සිදුකර ඇති පුරාවිද්‍යා පර්යේෂණ අනුව ලංකාවේ මානව යටගියාව පිළිබඳ සාධක අදිව් වසර 125,000 දක්වා ඈතට දිවයයි. ලංකා‍වේ වයඹදිග හා දිණිකොණදිග ප්‍රදේශයන්ගේ වෙරළාශ්‍රීත ප%දේශවල ව්‍යාප්තව ඇති ඉරණමඩු පාංශු සංකීර්ණයට අයත් බූන්දල වැල්ලෙගංගොඩ හා පතිරාජවෙල යන ස්ථානයන්ගේ සිදුකරන ලද පුරාවිද්‍යා පර්යේෂණ අනුව මෙම කරුණු තහවුරු වී ඇත.

ඓතිහාසික යුගය

ප්‍රථම නවීන අගනනුවර ලෙස අනුරාධපුරය සැලෙකන අතර, රාජ්‍ය පරපුරේ අවසානය සෙංකඩගල නගරය විය.

යටත් විජිත යුගය

වර්ෂ 1505 දී පරංගි (Portuguese) ලංකාව ආක්‍රමණය කරන ලදී‍‍. පරංගින්ගේ මුලික අවශ්‍යතාව වූයේ ඔවූන්ගේ ආගම හා වෙළඳාම පැතිරවීමයි. පසුව ඕලන්ද (Dutch) හා ඉංග්‍රීසි (British) අධිරාජ්‍යවාදීන්ගේ ද තාඩන පීඩනවලට ලක්විය. මෙම ආකාරයෙන් වූ තාඩන පීඩනයන්ගෙන් මීදීම සදහා උඩරට ගිවිසුම නමින් 1815 දී ඉංග්‍රිසීන් සමඟ අත්සන් කරන ලද ගිවිසුම ඔවුන් විසින් ම උල්ලංඝනය කරමින් එහි ජනතාව පිට යටත් විජිත මානසිකත්වයක් මවමින් 1948 දක්වා දරුණු පාලනයක් ගෙන ගියහ.


 

ශ්‍රී ලංකාවේ ක්‍රීඩා

නිල වශයෙන් ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාව වොලිබෝල් වුවද, ජනප්‍රියතම ක්‍රීඩාව ක්‍රිකට්ය. ජල ක්‍රීඩා, පාපන්දු සහ ටෙනිස් මෙන්ම රග්බි ද බොහෝ ජනප්‍රිය ක්‍රීඩාවන් වෙයි. ශ්‍රී ලංකාවේ පාසැල්, උසස් අධ්‍යාපන ආයතන, යනාදිය ක්‍රීඩා සහ මලල ක්‍රීඩා කණ්ඩායම් සංවිධානය කරමින්, පළාත් හා ජාතික මට්ටමින් ක්‍රීඩා තරඟ වලට සහභාගී වෙති. ඉතාම දුර්වල තත්වයක සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 1990 ගණන් වල සිට සැළකිය යුතු ජයග්‍රහණ අත්පත් කරගනිමින් ඉදිරියට පැමිණ 1996 ලෝක කුසලානයද 1996 සහ 2004 වර්ෂ වල ආසීයානු කුසලානයද දිනා ගත්තේය. ලෝකයේ ක්‍රිකට් ක්‍රීඩා කරන ප්‍රධාන රටවල් වලින් එකක් ලෙස ඉදිරියට පැමිණි ශ්‍රී ලංකාව, 2007 ලෝක කුසලාන තරඟා වලියේ අවසාන මහා තරඟය දක්වා පැමිණියේය. එහිදි ඔව්හු ඕස්ට්‍රේලීයාවට පරාද වූහ.
සිංහල ස්පෝට්ස් ක්ලබ්, ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනය සහ රන්ගිරි දඹුලු ක්‍රීඩාංගනය මෙන්ම ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනය වැනි ක්‍රීඩාංගන රාශියක් ශ්‍රී ලංකාවේ තිබේ. 1996 ලෝක කුසලාන තරඟාවලියේදී ශ්‍රි ලංකාව ඉන්දියාව සහ පාකිස්ථානය සමග තරඟ වැදුනු අතර ආසීයානු කුසලාන තරඟාවලී කීපයකටද සහභාගී වූහ. එමෙන්ම එය 2011 දී පැවැත්වෙන ලෝක කුසලාන තරඟාවලියටද සහභාගී වෙයි. වෙරල අසබඩ ද, නිසල ජල තටාක වලද පැවැත්වෙන බෝට්ටු තරඟ, දිය මත ලිස්සා යාම, පිහිනීම, දියට පැනීමේ සහ කිමිදීමේ (Scuba diving) ක්‍රීඩා ආදී ජල ක්‍රීඩා ශ්‍රී ලාංකිකයන්ගේ මෙන්ම විදේශ සංචාරකයන්ගේද සිත් පැහැර ගනී.

ශ්‍රී ලංකවේ තේ

කැමෙලියා සිනෙන්සිස් (Camellia sinensis) යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වනූ ලබන 'තේ' පැළෑටිය ඉන්දියාවට ආවේණික පැළෑටියක් ලෙස සැළකේ. ඵය ඉන්දියාවේ හිමාල කඳු පාමුල ඇසෑම් පලාතේ වනාන්තරවල වැවී ඇත.
ලංකාවට මුල්ම තේ බීජ 1824 දී ගෙන එන ලදී. දෙවන වරට ලංකා‍වට තේ බීජ නැවත රැගෙන ආවේ 1839 දීය. මෙම අවස්ථා 2ම පර්යේෂන අරමුනු සදහා මිසක වගා කිරීම අරමුනු නොවින. මෙම තේ බීජ පේරාදෙනිය උද්භිද උද්‍යානයේ පැලකල අතර ඒවා නිදහසේ වර්ධනය විය (දලුනෙලීමකින් තොරව). 1860 දී ජේම්ස් ටේලර් මහතා විසින් මුල් වරට ලංකාවේ වානිජ තේ වගාවක් අරඔන ලදී. මෙසේ ලංකාවේ වාණිජ තේ වගාවේ පියා ඔහු ලෙස සැලකීම වරදක් නොවේ. ඔහු විසින් මුල්ම වරට ලංකාවේ මහනුවර පලාතේ හේවාහැට ලූල්කදුර වතුයායේ වාණිජ තේ වගාවක් ඇති කෙරිණ. එය අක්කර 100ක් පුරා විහිදුන බ‍ව කියවේ. (උපුටාගැනීම: 20th century tea research in Sri Lanka by the Tea Research Institute of Sri Lanka)

ලොව වැඩිම පිරිසකගේ ප්‍රියතම පානය බවට පත්ව ඇති 'තේ' මුලින්ම සොයාගෙන ඇත්තේ චීනය විසිනි.දහවෙනි සියවසේදී පමණ ජීවත් වු අධිරාජයෙකු වු හුයිසුන්(1100-1126) සැබෑම තේ රසවතෙක් සේ සැළකේ. 'තේ'යන්න සෑදී ඇත්තේ ෆියුජියානු වචනයක් වු 'ටේ'(Te)යන්නනෙනි.මහා පරිමාණයෙන් තේ අලෙවි කරනු ලැබු මුල්ම ජාතිය වන්නේ ලන්දේසින්ය. ඊට හේතුව වුයේ මුදල් ඉපැයීමේ මාර්ගයක් ලෙස තේ වගා කෙරුණු ෆිජි දුපත ලන්දේසින්ගේ යටත් විජිතයක් බවට පත්වීමයි. චීනයේ තේ හැඳින්වීම සඳහා 'චා'යන වචනය යොදා ගැනෙන අතර රුසියාවේදි 'චායි' යන්න යොදා ගැනේ. ශ්‍රී ලංකාවද තේ නිසා විශාල කීර්තියක් අත් කරගත් රටකි. ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වැවිලි අතුරින් මුල් ස්ථානය හිමි කරගන්නේ තේ වගාවයි. තේ වගාව ශ්‍රී ලංකාවේ විදේශ විනිමය උපයන එක් මාර්ගයක් වන අතර එම වගාව හා සම්බන්ධ රැකියාවල සේවකයින් දශ ලක්ෂයක් පමණ නිරතව සිටින හෙයින් තේ වගාව රටේ රැකි රක්ෂා සපයන ප්‍රධාන මාර්ගයක්ද වේ.

Monday, August 29, 2011

ශ්‍රී ලංකාවේ ආවේණික කුරුල්ලෝ

කිසි‍යම් ජීව විශේෂයක් යම් භූගෝලීය කලාපයකට ආවේනික හෙවත් ඒකදේශික වීම යනුවෙන් අදහස් කරන්නේ එම ජීව විශේෂය ස්භාවීකව හමුවන්නේ එම විශේෂිත භූගෝලීය කලාපය තුළ පමණක් බවයි. මේ අනුව ශ්‍රී ලංකාවට ආවේනික කුරුල්ලෝ ශ්‍රී ලංකාව හැර ලොව අන් කිසිදු ප්‍රදේශයක හමු නොවෙති. එම ඒකදේශික විශේෂ බිහි වන්නේ භූගෝලීය විසංගමනය යන පරිණාමික සංසිද්ධිය හේතුවෙනි. භූගෝලීය විසංගමනය යනු කිසියම් සත්ව කාණ්ඩයක් යම් භූගෝලීය බාධකයක් (උස් කඳූ වැටියක්,විශාල ජල තලයක්) හේතුකොට ගෙන තම විශේෂයේ සෙසු සාමාජිකයන්ගෙන් ප්‍රජනක වශයෙන් හුදෙකලා වීමයි. වර්තමාන වාර්තාවන්ට අනුව ශ්‍රී ලංකාවට ආවේනික කුරුලූ වගර්‍ සංඛ්‍යාව 23ක් නැතහොත් 26කි.මෙම විචල්‍යතාවයට හේතුව ඇතැම් විද්වතුන් හිස කළු කොණ්ඩයා කඳුකර වී කුරුල්ලා සහ හීන් කොට්ටෝරුවා යන කුරුල්ලන් තිදෙනා ආවේනික උප විශේෂ ලෙසත්,ඇතමුන් ආවේනික විශේෂ ලෙසත්, සැලකීමයි. මීට අමතරව ශ්‍රී ලංකාවට ආවේනික උප විශේෂ ගණනාවක් ඇත. මෙම කුරුල්ලන් ශ්‍රී ලංකාවට අමතරව ඉංදියාව සහ අග්නිදිග ආසියාව වැනි ප්‍රදේශ වල හමුවන මුත් අපගේ ප්‍රභේද අප රටට ආවේනිකය. එකම විශේෂයක් තුළ හමු වන මෙවන් ප්‍රභේද එකිනෙකින් වෙනස් වන්නේ පැහැය, දේහ ප්‍රමාණය සහ හඩ ආදී කරුණු වලිනි.

                මොණරා, වලිකුකුළා, හබන් කුකුළා, වටුවන් සහ උස්ස පැටවුන් හෙවත් වටු කුකුළන් ශ්‍රී ලංකාවේ වාසය කරන කුකුළු ගෝත්‍ර යට අයත් පක්ෂීහු වෙති. මොවුන් සියල්ල අයත් වන්නේ සැවුල් කුලයටය. මේ අතරින් වලි කුකුළා සහ හබන් කුකුළා ලංකාවට ඒකදේශිකය.ලංකාවේ ගිරා වර්ග 05කි. එයින් දෙකක් ඒකදේශිකය. එනම් අළු ගිරවා සහ ගිරා මලිත්තා හෙවත් පොල් ගිරවාය.ලංකාවේ කොවුල් වර්ග 17ක් ඇත. මෙයින් ඒකදේශික වන්නේ කොවුල් වර්ග 2කි.භූමිවාසී සහ රුක්වාසී දිවිපෙවෙතක් සහිත ලගින පක්‍ෂියෙක් වේ. වර්‍ග දෙකක් අපට ආවේනිකය.ලංකාවේ ඇති විශේෂ 8 අතුරින් 3ක් මෙරටට ඒකදේශිකය. ප්‍රමාණයෙන් පොල්කිච්චා තරම් වේ. දිවයින පුරාම වාගේ හමුවන සුලභ පක්‍ෂියෙකි. ලිංගික ද්විරූපතාවක් නැත.



ශ්‍රී ලංකාවේ ඇදුම් පැළදුම්

                    ශ්රී ලන්කාව ඇත අතීතෙය්  සිටම පාරමිපරික ඇදුමි වලට හිමිකමි කියන්නා වු රටකි.උඩරට සහ පහත රට ලෙස ඇදුමී විලාසිතාවන් ප්රදාන වශෙයන් කාණ්ඩ වලට එබෙද්.කාන්තාවන් සාරිය අදින අතර පිරිමින් සරම සහ කමිසය අදී.උඩරට කාන්තාවන් ඔසරිය අදින අතර පහතරට කාන්තාවන් පහතරට ආකාරයට සරිය අදිනු ලැබෙ.සි/න්හල ගැහැණු ළමුන් ළමා සාරිය අදිනු ලැබෙ.එය ර්ද්දකින් සහ හැටිටයකින් සමන්විත වන අතර හැටිටෑයෙ උරහිස වටා රීන්දයක් පවතී.
                දමිළ ගැහැණු ළමයින් "පාවඩි සත්තායි" යන ඇදුම භාවිතා කරනු ලැඑබ්.එය සායකින් සහ මාස්තර වලින් යුත් හැටිටයකින් සමන්විත එව්.දමිළ කාන්තාවන් සාරිය අදී.දමිළ පිරිමිනි "පටිට වටිටි"යන ඇදුම අදිනු ලනන අතර එය කමිසයකින් සහ ඉන වටා ඔතනු ලැබු දිග රද්දකින් සමන් විත එවෙ.
                       සාරිය ඉතාමත් අලන්කාර අදුමක් වන අතර කාන්තාවන් මෙය උත්සව අවස්ථා වලදිත් රාජකාරි කටයුතු වලදිත් බහුලව භාවිතා කරනු ලබයි.සාමානය අවස්ථා වලදි,ගදර කටයුතු වලදි ගවුමි ආදී පහසු ඇදුමි භාවිතා කරනු ලබයි.පිරිමින් වර්තමානයෙ රාජකාරි කටයුතු සදහා කලිසම සහ කමිසය අදිනු ලබයි.
                 වැඩි එද්නා සාප්පු සවාරීය් යැමිදි සරල පහසු අදුමි භාවිතා කරන අතර කාන්තාවන් සායවල්,කලිසමි පිරිමින් කලිසම සහ කෙට කමිස අදී.
                                   ශ්රී ලාන්කීය කාන්තාවන් සහ පිරිමින් විලාසිතාවන් කිරීම සදහා වැඩි කැමැත්තක් දක්වයි.එම නිසා විවිධ මාදිලීය් ඇදුමි විලාසිතාවනි ලන්කාව තුල දක්නට ලෙබ්.අතීතෑය් රද්ද සහ හැටිටයත්,පිරිමින් සරම භවිතෑය් සිට විවිධ ආකරෑය් ඇදුමි රටාවන් පැවතී තිබුනද, ලන්කාවෙ සන්ස්කාතියට බලපැමක් සිදුවි නැති අතර අද දක්වා පරමිපරික ඇදුමි භාවිතා කරනු ලබයි.

ආයුර්වේදය (ජීවත්වීමේ විදාව්)

                         ආයුර්වේදය යන වචනයෙහි අර්ථය වනුයේ ජීවත්වීමේ විදාව හෝ සෞඛ්ය සම්පන්නව ජීවත්වීමේ කලාව යන්නයි.අවුරුදු 2500 පුරා ශ්‍රී ලංකික වෙදුන් විසින් ඖෂධ පැළටි සහ ස්වභාවික සත්කාර උපයොගි කරගෙන ලෙඩුන් සුව කර ඇත.

ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමය

                           ශ්‍රී ලංකවේ ප්‍රධාන ජාතිය වන සිංහලයින් දකුණු,උතුරු මැද,මධම, බටහිර වැනි ප්‍රදේශ වලට වෘයාප්ත වී ඇත.ශ්‍රී ලංකාවේ සංස්කෘතිය ඉතා ආකර්ෂණියයි.මෙහි ක්‍රි. පු. පෙර යක්ෂ සහ නාග ග්‍රොත්‍ර වාසය කර ඇත.දෙවන ශතවර්ෂය ආරම්භයෙදි බුදුදහමෙන් ලද ආභාෂයත් පෘතුග්‍රීසි,ලන්දීසි සහ ඉංග්‍රීසි ආක්‍රමණයත් නිසා ඇති වු ශ්‍රී ලංකවේ සංස්කෘතිය ජාතික උරුමයක් බවට පත් විය.නිතර සිනහ මුසු මුහුනින් පසුවන පිරිසක් ලෙස ලොකයේ ප්‍රසිද්ධ ශ්‍රී ලංකිකයන් තම අද්විතිය සංස්කෘතියෙන් කලාත්මක ,සෞන්ද්යර්යත්මක ,විනොදත්මක හා හදවතට වදින දෙයින් වින්දනයට පත් වේ.බුදුදහම සමඟ පවතින අන්තර් සම්භන්ධතවය සහ ශ්‍රී ලංකිකයන්ගේ චිත්‍ර,නැටුම් සහ සංගීතය ජන ජීවිතය සමඟ එකට බැදි පවතී.

        ප්‍රජාත්‍රන්ත්‍රවාදය, නවීන අධාපනය, නීතිය සහ වාපාර අධයපනය යුරෝපියයන්ගෙන් ශ්‍රී ලංකවට සංක්‍රමණය විය.දැන් ශ්‍රී ලංකාව ඓතිහාසික සහ නවීන සංස්කෘතිය පිලිඹ්බූ කරන කැටපතක් බදුය.එය නගරයේ සිට ඈත ගම් දනව් දක්වා පැතිර පවතී.

                    ශ්‍රී ලංකික සංස්කෘතිය පිලිඹඳ අවබොධයක් ලබා ගෙනීමට මෙහි උත්සව වලට සහභාගි වීම ප්‍රමානවත් වේ.එමඟින් ශ්‍රී ලංකාවේ ජන ජීවිතය සහ චාරිත්‍ර වාරිත්‍ර පිලිඹඳ මනා අවබොධයක් ලබා ගත හැක.

ශ්‍රී ලංකාවේ උත්සව දින දර්ශනය :-

        අතීතයේදී මෙය නිලවශයෙන් පහත හෙලංකා, ලංකා, සිංහලේ, සීලාන්, සිලෝන් යන නම්වලින් හඳුන්වා ඇත. සිව් හෙළය, හෙළය, තැප්‍රෝබේන්, තම්බපන්නි, සීලදීප, සෙරන්දිබ්, රත්නදීපඉන්දියන් සාගරයෙහි මුතු ඇටය ආදී අන්වර්ථ නාම සහ විරුදාවලි වලින්ද ශ්‍රී ලංකා හඳුනාගනු ලැබීය. දෑත් එක්කොට ආයුබෝවන්/ආයිබෝං කීම ශ්‍රී ලාංකික සිංහලයන් අන් අය පිළි ගැනීමට භාවිතා කරන සාම්ප්‍රදායික ක්‍රමයයි. 

Sunday, August 28, 2011

ශ්‍රී ලංකාවේ සංස්කෘතිය

ස්රි ලන්කිය සන්ස්කෘතිය අතිතයෙ සිට බොහො බලපෑම් වලට ලක්වි තිබෙ.එය බොහො බලපම් වලට ලක්වුයෙ පෘතූග්රිසි ලන්ඩෙසි හා එන්ග්රිසි ගෙනි.ස්රි ලන්කාව වටිනා සන්ස්කෘතියකට හිමිකම කියන්නා වූ රටකි.අවෙනික වු ආහාර ,ඈඩුමි,නර්තනයන්ගෙන් යුක්තයී.ස්රි ලන්කිය මුර්ති,ක්ටයමි,බෙහාමයක් ආගම හා සමිබන්ඩයි. එවා බොහොමයක් ආගමික විශ්වාස මත පඩනමී වූ එවාය.ස්රි ලන්කව් බෞඩඩ රටක් විම මෙයට පරඩන වශයන් බලපෑ තිබෙ.
    ස්රි ලන්කවෙ ප්රඩාන ආහාරය සහල්.එතා පරසිඩ්ඩ අහාරයකි කිරි බත්.ආගමික කටයුතු වලඩිත්,සන්ස්කාතික උත්සව වලඩිත් ප්රඩාන ව්සයෙන මෙය භාවිතා කරයි.ඒලවලු ,පලතුර් බහුල තම ආහර වෙල් සඩහා භාවිතා කරයි.මිරීස් සහිත ආහාර බහුලව භාවිතා කරන්නා වු රටකි.
   ස් ලන්කාවෙ බහු ආගමි වලින් යුක්ත වු රටකි.බෞඩ්ඩ්,හින්ඩූ,මුස්ලිම්,කීරීස්තියානි,බර්ගර් එම ආගමී වන අතර බුඩ්ඩාගම ප්රඩාන අගමයි. රට පුරා වෙහෙර විහාර,කොවිල්,පල්ලි පතිරි පවති.

                 
 ශ්රීලන්කාවෙ ප්රඩන භාශාව සින්හල වන අතර ඉන්ගීසි,දෙමල දෙවන භාශා ලෙස සලකී.  ලන්කවෙ ආගමික උත්සව බහුලව පවතීන අතර එයින් සිනහල දමල අලුත් අවුරදූ උත්සවය මුල තෑනක් ගනි.වෙසක් උත්සවය,පොසොන උත්සවය බෞද්ඩයන්ගෙ ප්රඩාන ආගමික උත්සවයි.වේසක් කුඩු,තොරන් සාඩා,බෞඩයන් බුදු හාමුදුරවන්ගී ඉපදීම,බුදුවීම,පිරිනිවන් පාම,වෙසක් උත්සවයෙඩි සමරයි. ශ්රී ලන්කාවෙ වෙහ් විහාර බහුලව පවතින අතර එවා බෙහාමයක් පුරානයෙ සිට පවතගෙන එන එවාය.මෙ අතරින් නුවර පිහිටි දලඩා මාලීගාව ප්රඩාන තනක් ගනි.
 ශ්රී ලන්කවෙ ජන ජිවීතය බෙහා දුරට ගොවීතෑන හා සමිබන්ඩයි.වර්තමානයෙ වෑඩි ද්නා කර්ය බහුල විමත් සමග  එයින් තරමක් දුරට ඈත්වි තිබෙ.
 ලන්කවෙ ක්රිඩා ගන සලකු විට ප්රදාන ක්රිඩාව වන්නෙ අත් පන්දුය.නමුත් ලන්කව බොහො රටවල ක්රිකටී කීඩාව ස්දහා පර්සිඩඩීයක් උසුලයි.

ශ්‍රී ලංකවේ දේශගුණය

               ශ්‍රී ලංකවේ දේශගුණය ප්‍රධාන කොටස් තුනකි.මෝසම් දේශගුනයක් පවතින ශ්‍රී ලංකාවේ නිරිතදිග මෝසම මැයි සිට අගෝස්තු දක්වාද ඊසාන දිග මෝසම ඔක්තොම්බර් සිට ජනවාරි දක්වාද පවතී.පහතරට වියළි කලාපය ශ්‍රී ලංකාවේ ප්‍රධාන දේශගුණික කලාපයි.එය ශ්‍රී ලංකවෙන් උතුරු භාගයද නැගෙනහිර හරහා දකුණුදිග දක්වාද පැතිර පවති.නිරිතදිග මෝසම් සමයේදි අධික වර්ෂාපතනයක් ලැබුනත් අනෙක් ප්‍රදේශ උණුසුම් හා වියලිව පවතී.මෙය ප්‍රධාන වශයෙන් ලංකවේ ද්විතියික වනාන්තර හා තෘණ භුමි ආවරනය කරයි.වාර්ෂික වර්ෂාපතනය 600-1900 mm අතර පවතී.එහෙත් ශ්‍රී ලංකාවේ ඉසානදිග ප්‍රදේශයේ පවතින්නේ මෙයට වඩා වෙනස් දේශගුනික තත්වයකි.එය වියලි හා අඩු ආර්ධතාවයකින් යුක්ත වේ.එහි වාර්ෂික වර්ෂාපතනය කලාතුරකින් 5000 mm ඉක්මවා යයි.ලංකාවේ මධයම කදුකරයද තෙත් කලාපයට අයත් වේ.එම ප්‍රදේශයෙහි උස අනුව වෙනස් වන සෞම්ය දේශගුනයක් පවතී.

                         පහත් භුමියෙහි නිතර වෙනස් වන සුලු උෂණත්ව පරාසයක් පවතින අතර එය 24"C - 32"C අතර පවතී.මධයම කදුකරයෙහි පවතින උස අනුව 10-20 "C අතර අඩු උෂණත්වයක් වාර්තා වේ.ඉහල උච්චත්වයක් පවතින නුවර එලිය,හොර්ටන් තැන්න,පිදුරුතලාගල කන්ද ආශිතව 0 උෂණත්වයද ඇතැම් විට වාර්තා වෙයි.පහත රට මධය්නය උෂණත්වය 27"C ද මධය් රට මධය්නය උෂණත්වය 24"C ද කදුරට මධය්නය උෂණත්වය 15"C පමණද වේ.තවද ඉතා කුඩා දේශගුනික කලාප පවති.වෙලළබඩ මෙම වෙනස 1.8"C ද උස් බිමෙහි 2.7"C ද කදුකරයේ 2.4"C ද වේ.

ශ්‍රී ලංකාවේ භුගෝලීය පිහිටීම

ඉන්දියන් සාගරයේ මුතු ඇටයක හැඩයක් ඇති ශ්‍රී ලංකාව උතුරු අක්ෂාංශ 5"54' සහ 9"52' ත් නැගෙනහිර දේශාංශ 79"39' සහ 81"53' ත් අතර පිහිටයි.ශ්‍රී ලංකාව ඉන්දියාවෙන් වෙන් වන්නේ 35km පමණ පළල් ඇල මාර්ගයකිනි.මෙම දිවයිනෙ දිග උතුරේ සිට දකුණට 435km පමණද පළල බටහිර සිට නැගෙනහිරට 225km පමණද වේ.ශ්‍රී ලංකාවේ මුළු භුමි ප්‍රමණය 65,610 sq.km පමණ වේ.

             ශ්‍රී ලංකාව දුපතක් බවට පත් වුවායැයි විශ්වාස කරනුයෙ මයොසීන යුගයේය.අතුරු ගංවතුර ගැලීම් සහ භුමියෙ උස් වීම මත ශ්‍රී ලංකවේ නිරිතදිග ප්‍රදේශය මුලින්ම ඉන්දියාවෙන් වෙන් වි ඇත.භුමියෙන් 2/3 පමණ පහත් බිම වන අතර ඉතිරියෙහි සමාන්ය උච්චත්වය l, 400-l,800m ද  10,400 sq.km රට මධයෙන් ආවරණය කරයි.

වන උදයාන සහ වන ජීවිතය

             ශ්‍රී ලංකාව කුඩා දුපතක් උවද එහි ඇති නිවර්තන වනාන්තරයන්හි ජෛව විවිධත්වය අති විශාලය.ඈත අතීතයෙදී රජවරුන් විසින් වනයේ ජීවත් වූ අලින් සහ මොනරුන් බටහිර සහ පෙරදිග රටවලට පරිත්යාග ලෙස ලබා දී ඇත.මෙම උදාහරන වලට අමතරව ලංකවෙ වනාන්තරයකට ඇතුල් වූ කල එහි ජෛව විවිධත්වය හොදින් බලා ගත හැක.ලංකවේ ප්‍රධාන ජාතික වනෝදාන හතරක් ඇත.අවුරුදු 2230 ක බුදුදහමේ ආභාශය නිසා ශ්‍රී ලංකාවෙ ජෛව විවිධත්වය ඉතා දිගු කලක සිට ආරක්ෂා වී ඇත.

                         තවමත් නොනෑසී පවතින ශ්‍රී ලංකවේ වන සුන්දරත්වන නැරඹීමට වන උදයාන ඉතා හොඳ අවස්ථාවකි.ශ්‍රී ලංකා භූමි ප්‍රමානයෙන් ආසන්න වශයෙන් 14% ජාතික වනෝදාන සඳහා වෙන් කර ඇත.මෙහි ජාතික වනෝදාන වල සිටින සතුන් අතර අලියා,දිවියා,වලසා,මුවා,වදුරා,වල් ඌරා,ඉත්තෑවා,කෑලා පුසා,මුගටියා ප්‍රධාන වේ.විවිධ වර්ග වල කටුස්සන් මෙ අතර ප්‍රධාන වන අතර එම වන උදාන අතර එම සතුන්ගේ විවිධත්වයක් ඇත.

   ශ්‍රී ලංකාවේ වනොදාන අතර,
  1.              යාල ජාතික වනොදානය
  2.              විල්පත්තු ජාතික වනොදානය
  3.              වස්ගමුව ජාතික වනොදානය
  4.              උඩ වලවේ ජාතික වනොදානය
  5.              හොර්ටන් තැන්න ජාතික වනොදානය
  6.              බුන්දල ජාතික වනොදානය
  7.              ලාහුගල ජාතික වනොදානය
  8.              ගල් ඔය ජාතික වනොදානය
  9.              මින්නේරිය ජාතික වනොදානය
  10.              මාදුරු ඔය ජාතික වනොදානය
  11.              කුමන ජාතික වනොදානය